Massachusetts Daily Collegian

A free and responsible press serving the UMass community since 1890

A free and responsible press serving the UMass community since 1890

Massachusetts Daily Collegian

A free and responsible press serving the UMass community since 1890

Massachusetts Daily Collegian

මිතුරුකමක් කුමක් මූලධර්ම මත පදනම් වේ ද?

මිතුරන් අතර සම්බන්ධතාවය ආරක්ෂා කළ හැක්කේ කෙසේද?
Daily+Collegian+%282019%29
Mehroz Kapadia
Daily Collegian (2019)

Read in English

ළමා කාලයේ මිතුරන් සමග ක්‍රීඩා කිරීම, කතාබහ කිරීම හා සමගියෙන් පාසල් වැඩ කටයුතු කිරීම මිනිසාට වැඩිහිටි වියේදී ද සිහිවෙයි. එක ම ස්ථානයේ පදිංචි ව සිටින මිතුරන් බොහෝ විට සමගියෙන් පාසලේ හා නිවාසයේ ඇතිවූ ගැටළුවලට මුහුණ දී ජීවිතය ගත කරති.

අන් අය සමග මිතුරුකම් ඇති කිරීම මිනිසාගේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වෙයි. American Psychological Organization විසින් කරන ලද පරීක්ෂණයක් මිතුරන්ගේ සහාය සතු අයට පහසුවෙන් අභියොගවලට මුහුණ දිය හැකි බව පෙන්වයි.

නමුත්, මිනිසාට ඇතිවෙන විවිධ මානසික හා ආකල්පික වෙනස්වීම් නිසා, මිතුරුකමක් අවලංගු වීමට ඉඩ ඇත. එනිසා, මිතුරුකමක් ආරක්ෂා කිරීම සඳහා මිනිසාට ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කළ හැකිය.

අගතිගාමී ව නොසිතන්න

බොහෝ විට, මිතුරුකම් මිනිස්සු අතර සමාන රුචිකත්වයන් හා විනොදංශ මත පදනම් වේ. නමුත්, සමාන රුචිකත්වයන් හා විනොදංශ පමණක් නිසා ම අන් අය සමග මිතුරුකම් ඇති කිරීම නිතරම ඵලදායි වන ක්‍රියාමාර්ගයක් නොවේ. පුද්ගල දෙදෙනෙක් එක්ව ක්‍රීඩාවක යෙදුනත් හෝ උත්සවයක සහභාගී වුවත්, ඔවුහු එනිසා ම අඹ යහළු වීම අනිවාර්ය සිදුවීමක් නොවේ.

එනිසා, අනගතිගාමී ව සිතමින් මිනිසාට විවිධ රුචිකත්වයන් හා විනොදංශ ඇති අය ආශ්‍රය කළ හැකිය. එවිට ම මිතුරන් ආශ්‍රය කළ යුත්තේ සැලකිලිමත් ව ය. සමයන් අතර ජනසම්මත වීම පාසල් ශිෂ්‍යයන් අතර සමාන අරමුණකි. එනිසා, සමහර අය වැරදි ගමන් මාර්ගය මත යාමට ඉඩ ඇත. KQED විසින් ලියන ලද ලිපියක් පෙන්වන්නේ පාසල් ශිෂ්‍යයන් හේතු දෙකකට – සමාජයේ තත්වය හෝ පෞරුෂයේ යහපත්කම – ජනසම්මත
විය හැකිය. යහපත් පෞරුෂයක් සතු අය අවසානයේදී සමාජයේ ප්‍රිය වන බව ලිපියේ ප්‍රකාශ විය.

සමාජයේ ප්‍රිය වීම සඳහා, තමන්ගේ ආචාර ධර්ම මත ක්‍රියා කිරීම, අන් අය ආශ්‍රය කරන විට ඉවසිලිමත් වීම හා තමන්ගේ අනන්‍යතාව අන් අයට පෙන්වීම මිනිසා කළ යුතු දේ ය. අන් අය සමග මිතුරුකම් ඇති කරන විට, අනුන් අනුකරණය නොකළ යුතුය; තමන්ගේ ආචාර ධර්ම අතහැර දමා ක්‍රියා නොකළ යුතුය.

මිතුරුකම් අවසන් වන බව පිළිගන්න

සියලු මිතුරුකම් චිරස්ථායී නොවේ. මිතුරු දෙදෙනෙක් තම ජීවත්වල සිදුවෙන වෙනස්කම් නිසා ඈත් විය හැකිය. නැතහොත්, වෙනත් ස්ථානවල පදිංචි ව සිටින නිසා, මුණගැසීමට අවස්ථා අඩු විය හැකිය. ඊට අමතරව, ඉමහත් ගැටුම් නිසා මිතුරන් අතර අමනාපයක් ඇතිවෙන බව අවාසනාවන්තයි. යහපත් මිතුරුකම් අවලංගු වන බව දුර්භාග්යි.

මිතුරුකම නැවත හදාගැනීමට ඉඩ ඇති වේ නම්, එම කළ හැකිය. එම නොකළ හැකි නම්, මිතුරුකමේ අවසානය පිළිගැනිය යුතුය; එක් තැනැත්තකුගේ අතින් සිදුවූ වැරැද්දක් නිසා නිරතුරේම මිතුරුකම් අවසන් නොවේ. නමුත්, ඔබ මුහුණ දුන් විනෝද හා සුඛදායක අත්දැකීම් සිහි කළ හැකිය.

අලුතින්ම ආශ්‍රය කළ මිතුරන් අගය කරමින් සිටින මිතුරන් අමතක නොකරන්න

එතෙර පදිංචි ව සිටින මිතුරන් මිනිසාගේ යහපැවැත්මට උපකාරී නම්, ඔවුන් සමග කතාබහ කරමින්, ඔවුන්ගේ යහපැවැත්ම කෙසේදැ’යි බලමින් සිටීම ගුණවත් පුරුද්දකි. නවීන තාක්ෂණයේ දියුණුව නිසා, ලොව වටා පදිංචි ව සිටින මිතුරන් සමග කතාබහ කිරීම පහසු වී ඇත.

පාසල් කාලය සිට ආශ්‍රය කළ මිතුරන් මිනිසා ඉතා දිගු කලකට හඳුන්වමින් සිටි අය අතරයි. පාසල් කාලය සිට හඳුන්වන මිතුරු අන් සිසුන්ගෙන් හිරිහැර හා තරුණ කාලයේ අභියෝගවලට එක් ව මුහුණ දෙමින්, පාසලින් සමත් වීමට පසුව විනෝද ක්‍රියාකාරකම්වල යෙදෙමින් හා වැඩ කටයුතු පිලිබඳ කතාබහ කරමින් බොහෝ විට ඔවුන්ගේ ජීවිත ගත කරති. මිතුරු දෙදෙනකු අතර තවම යහපත් මිත්‍ර සම්බන්ධතාවයක් තිබේ නම්, එම සම්බන්ධතාවය ආරක්ෂා කළ යුතුය.

මිතුරුකමක් ආරක්ෂා කිරීම ද්විත්ව වෑයමක්

මිතුරන්ගේ උපකාරය නිරන්තරයේ මිනිසාට අවශ්‍ය වේ; තම සෙසු මිනිසාට උපකාර කිරීම යහපත් මිතුරකුගේ යුතුකමයි. යහපත් මිතුරා අවශ්‍ය අවස්ථාවල මිනිසාට අවවාද දෙයි; අවශ්‍ය අවස්ථාවල මිනිසාට උපකාරී කරයි. තම මිතුරාට යෝග්‍ය නින්දා ප්‍රශංසා දී ඔහුට නිවැරදි මාර්ගය පෙන්වා දෙයි.

යහපත් මිතුරාගේ සහාය ප්‍රීතිවත් හා දුෂ්කර කාල පරිචේදවලට අවශ්‍ය වෙයි. තම මිතුරාට උපකාර කළත්, කෘතඥාව හිතාමත්ම සොයා නොයයි. තම මිතුරාගේ දුෂ්කර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙයි; තම මිතුරා සෙ ම තම පෞරුෂය හෝ සදාචාර අතහැර නොදමයි.

හොඳ ජීවිතයකට අත්‍යවශ්‍ය නිසා, මිනිසා ට මිතුරුකමක් ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබේ. හොඳ මිතුරේක් තම යහළුවාට සහාය දෙමින් තම පෞරුෂය රැක ගනී; අලුතින් ආශ්‍රය කරන මිතුරන් ද කුඩා කාලය සිට හඳුන්වන මිතුරන් ද එක සේ සලකයි. කාලීන ඇතිවන වෙනස්කම් හා බරපතල අභියෝගවලට මුහුණ දිය හැකි මිතුරුකමක් ඉතා අනර්ඝ ය.

Kalana Amarasekara can be reached at [email protected]

Leave a Comment
More to Discover

Comments (0)

All Massachusetts Daily Collegian Picks Reader Picks Sort: Newest

Your email address will not be published. Required fields are marked *